ලියගොමුවේ ස්වභාව සෞන්දරයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අපේ පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත. වර්ෂ 1967 දී මහසෙන්පුර ගම්මානයේ තාවකාලිකව තැනූ ගොඩනැගිල්ලක ආරම්භ වූ අප පාසලේ මුල් ගුරුතුමා වූයේ M.R මුතුබණ්ඩා මහත්මාය. එතුමන් සමග C.S.C.ජොසලින්නෝනා මහත්මිය සිසු දරුවන් වෙනුවෙන් ස්වේච්ඡාවෙන්ම ඉගැන්වීම් කටයුතු සදහා එක් වී ඇත. පාසලේ මුල්ම ශිෂ්‍යයා ලෙස B.G.සිරිවර්ධන සිසුවා පාසලට බදවාගෙන ඇති අතර ඉතා ඉක්මනින් සිසුන් 89 දක්වා වර්ධනය විය. 1967 මැයි මස 7වන දින පාසල රජයට පවරා ගැනීමත් සමග භෞතික අතින් පාසල සංවර්ධනය වූ අතර පසු කාලීනව නව ගොඩනැගිලි සහ නව ගුරුවරුන්ද, ශිෂ්‍යයන්ද, පාසලට එකතු විය.ඒ සමගම ග්‍රාමීය විවිධ දක්ෂතාවලින් පිරිපුන් සිසුන් අප පාසලට එකතු වූ අතර අධ්‍යාපනයේද කැපී පෙනෙන වර්ධනයක් එම කාලයෙන් පසුව ඇති විය. මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය ගුරුවරු 17දෙනෙකුගෙන් සමන්විත වේ.තුන්සියයක් පමණ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම අචාර්ය මණ්ඩලය ඇප කැප වී සිටී.සෑම අතින්ම ජයග්‍රහණ කරා පියමැනීමට ගුරුවරුන්ගෙන් ද,දෙමාපියන්ගෙන් ද, අධ්‍යාපන බලධාරින්ගෙන් ද,ලැබෙන සහය මහත් ශක්තියකි
